FAQ

We Value Your Visit Very Much.

ඔබේ නිවාඩුව ගත කිරීමට ඔබ සීතාවක මිරකල් තෝරා ගත යුත්තේ ඇයි?

සොබාව සෞන්දර්ය පිරි සුන්දර පරිසරයකට හා සොබාවික දියඇලි වලින් සමන්විත මනස්කාන්ත පරිසරයකට උරුමකම් කීම. ඒ සමගම, කොළඹට නුදුරු වඩාත් සිත් ගන්නා සුළු කදු වැටි වලින් හෙබි පරිසරයකින් යුක්ත වේ . තවද ප්‍රණීත ආහාර පාන හා කාර්යක්‍ෂම සුහදශීලී සේවය සුවිශේෂී වේ.

සීතාවක මිරකල් තියෙන්නේ කොහේද?

කොළොඹ සිට අවිස්සාවේල්ලට පෙර මුණගැසෙන තුම්මෝදර(දකුණට හැරී) හන්දියට පැමිණ පහසුවෙන් අප වෙත ළගාවිය හැක.අපගේ දැන්වීම් පුවරු හා මාර්ග සටහන් භාවිතා කරන්න. එසේත් නැතිනම් ගූගල් සිතියම හරහා පහසුවෙන් අප වෙත ලගා විය හැක.

සොබාවික දිය ඇලී වලට අමතරව දිය නෑම සදහා මොනවගේ පහසුකම්ද තියෙන්නේ ?

වැඩිහිටියන් සදහා කෘතීම නාන තටාකයක් හා කුඩා දරුවන් සදහා වෙනම කෘතීම නාන තටාකයක් ඇත.

එකවර 30 කට විතර පැමිණ විනෝද විය හැකිද ?

අක්කර 20 කට වැඩි වපසරියකින් සමන්විත බැවින් එකවර 200 කට අධික සංඛ්‍යාවකට වුවද වඩාත් නිදහසේ හා සුවපහසු ලෙස තම ප්‍රියයන් සමගින් ගත කිරීමට ඉඩ ප්‍රස්ථාව හිමිවේ. තවද ඔබගේ සේවය සදහා දස දෙනුකට නොඅඩු හොටෙල් සේවක පිරිසක්(Steward) යොදවා ඇත.

දැනට තියන Packages මොනවද?

Day Package , Evening Package සහ Honeymoon & Rooms.වැඩි විස්තර සදහා අපගේ Menu පිටුව පරික්ෂා කර බලන්න.

අපගේ විනෝදය සදහා ඔබ විසින් පිරිනමන ලද සුවිශේෂී අංග(Features) මොනව ද ?

සොබාවික දියඇලි , කෘතීම දිය අලි , ෆිෂ් තෙරපි, කදු වැටී , ෆොටෝ සදහා ස්වබාවික සුන්දරත්වය , රූම් සේවාවන්, බැට්මින්ටන් කෝට්, පිට්ටනිය , ඩාර්ක් ආචරි සහ අනෙකුත් .වැඩි විස්තර සදහා අපගේ Menu පිටුව පරික්ෂා කර බලන්න.

සුඛෝපභෝගී කාමර තියනවද ?

අධි සුඛෝපභෝගී හා සාමාන්‍ය පහසුකම් සහිත දෙවර්ගයම ඔබ සදහා වෙන්කර ඇත.නිදහස් හා පරිසරයේ සුන්දරත්වය වඩාත් දැනෙන ලෙස නිර්මාණය කරන ලද කාමරද ඇත.

ඉඩකඩ කලින් වෙන්කරවා ගත යුතුද ?

ඔබගේ ඉඩකඩ කලින් වෙන් කරවා ගැනීමෙන් ඔබගේ වටිනා කාලය ඉතිරි වන අතර ඔබව කිසිදු අපහසුතාවයකට පත්නොවේ.

වඩාත් වැඩිහිටි හා වයසක අයට පැමිණිය හැකිද?

කිසිදු වයස් බේදයක් නොමැතී අතර ඔබේ පවුලේ අය හෝ හිතැතියන් සමගින් කණ්ඩායම් වශයෙන් පැමිණිය හැක.

උත්සව හා සැමරීම් සදහා අවස්ථාවක් තිබේද ?

ඔබගේ ඕනෑම මංගල , උපන්දින , විවාහ සංවත්සර, ආයතනික සැමරීම්, ක්‍රිඩා අංග , කාර්යාල අංග , අවුරුදු හා නත්තල් සැමරීම් සිදුකිරීමට අවශ්‍ය ඉඩකඩ හා සුවිශේෂී සේවා පහසුකම්ද සහිතයි.

Discover

Our Video